Clean Sri Lanka වැඩසටහන යටතේ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මෙහෙයවන ජංගම සේවය.
සිටුවීමට සුදුසු බද්ධ පැල තෝරාගැනීම, වලවල් සලකුණු කර ගැනීම, පාංශූ සංරක්ෂණය සිදුකිරීම, ආවරණ වැල් වගාව, අතුරු බෝග වගාව ආදී විෂය කරුණු ආවරණය වන පරිදි පුහුණු වැඩසටහන පවත්වන ලදී.
මෙම වැඩසටහන සදහා සම්පත් දායකත්වය ජේෂ්ඨ රබර් සංවර්ධනය නිලධාරී කේ. ඒ. ජී සිරිසේන මහතා ඇතුළු රුවන්වැල්ල, මාගම්මන හා දෙහිඕවිට රබර් සංවර්ධන නිලධාරීන් විසින් ලබාදෙන ලදි.

කලුතර දිස්ත්‍රික්කයේ ගල්පාත රබර් සංවර්ධන නිළධාරී කොට්ඨාසයේ ගොවීන් සඳහා "පෙර කන්න" රැස්වීම 2025.04.21දින පාතකඩ රබර් සංවර්ධන නිලධාරී කාර්යාලයේදී පවත්වන ලදී.
මීවනපලාන රබර් සංවර්ධන නිළධාරී වින්ද්‍යා උදයාංගනී මහත්මිය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබාදෙන ලද්දේ ජ්‍යෙෂ්ඨ රබර් සංවර්ධන නිළධාරී, කේ.පී.සේනාධීර මහත්මා විසිනි.

රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන "අපරිණත වගා නඩත්තුව" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.05.02 දින රංවල ශ්‍රී නීග්‍රෝධාරාම විහාරස්ථානයේදී සාර්ථකව පවත්වන ලදී.
මෙම වැඩසටහනේදී අපරිණත රබර් වගාව සම්බන්ධයෙන් හා අපරිණත රබර් වගාව සඳහා පොහොර යෙදීම පිළිබඳ ගොවීන් දැනුවත් කිරීම සිදු කරන ලදී.
ඇඹිලිපිටිය රබර් සංවර්ධන නිලධාරී කොට්ඨාසයේ රබර් සංවර්ධන නිලධාරී එච්.ඩී.ඒ.නෙරන්ජි ජයවර්ධන මෙනවිය විසින් මෙම වැඩසටහන පවත්වන ලදී.

2024 සහ 2025 වර්ෂයන්හීදී රබර් පැල ක්ෂේත්රයේ සිටවූ හා ඉදිරියේදී රබර් පැල ක්ෂේත්රයේ සිටවීමට අපේක්ෂා කරන රබර් වගා හිමියන් වෙනුවෙන් "රබර් පැල සඳහා සෙමින් පෝෂක මුදාහැරීමේ තාක්ෂණය පිළිබඳව පුහුණු හා ආදර්ශන වැඩ සටහනක් 2025.03.14 දින පරකඩුව රබර් සංවර්ධන නිලධාරී කොට්ඨාශයේ ඩි.එම්.යමුනා මහත්මියගේ ඉඩමේදී සාර්ථකව පවත්වන ලදී
රබර් වගාව සඳහා පොහොර භාවිතයේදී පිරිවැය අඩුකරගනිමින්, ඵලදායීතාවය ඉහළ නංවාගැනීමට කටයුතු කරන ආකාරය පිලිබඳව මෙම ආදර්ශන වැඩසටහනේදී සාකච්ඡා කරන ලදී.
එසේමමෙම ආදර්ශන වැඩ සටහන පරකඩුව රබර් සංවර්ධන නිලධාරී එම්.එම්.එස්.එස්.එම්.සේනාරත්න මහත්මියගේ සම්පත් දායකත්වයෙන් සිදුකරන ලදී .

- "නිවැරදිව වැහි ආවරණ යෙදීම" පිළිබඳව ආදර්ශන වැඩසටහන - රත්නපුර, කිරිඇල්ල, නාගොඩ
- රබර් වගාවේ ඵලදායීතාවය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කළ පුහුණු වැඩසටහන - බද්දේගම, ඌරල උතුර
- රබර් වගාවේ ඵලදායීතාවය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කළ පුහුණු වැඩසටහන - ඉංගිරිය, කඳනපිටිය
- Calling of quotations for sale of used vehicles