වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන රබර් වගාව හා සම්බන්ධ පුහුණු වැඩසටහන් යටතේ, ඇඹිලිපිටිය තාක්ෂණ විද්‍යාලයේ කෘෂි නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව හදාරණ සිසුන් සඳහා අපනයන බෝග මොඩියුලය පිළිබදව ප්‍රායෝගික දැනුම ලබාදීමේ පුහුණු වැඩසටහනක් මිද්දෙණිය රජයේ රබර් පැල තවානෙහි දී 2025.12.23 දින පවත්වන ලදී.
එහිදී රබර් වගාවේ මූලික කාර්යන් සම්බන්ධව හා රබර් පැළයක් බද්ධ කිරීම, රබර් සඳහා වැසි ආවරණ යෙදීම, රබර් ෂීට් නිෂ්පාදනය, රබර් වගාව සමඟ අතුරු බෝග වගාව යනා දී කරුණු සම්බන්ධයෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදුකරන ලදී.
මේ සඳහා සම්පත් දායකත්වය, තවාන් කළමනාකරු, ජ්‍යේෂ්ඨ රබර් සංවර්ධන නිළධාරී වසන්ත ලියනගේ මහතා විසින් සිදුකරන ලදී.
.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන, ගොවි කණ්ඩායම් පිහිටුවීමේ වැඩසටහනේ තවත් අදියරක් ලෙස මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි ගොවි නායකයින් පුහුණු කිරීමේ වැඩසටහනක් 2025.12.24 දින කඹුරුපිටිය උප කාර්යාලයේ දී පැවැත්විණි.
හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් කටුවන, සූරියවැව හා වලස්මුල්ල රබර් සංවර්ධන නිළධාරී කොට්ඨාස හා මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය , මාලිම්බඩ, මුලටියන, අකුරැස්ස හා පිටබැද්දර යන රබර් සංවර්ධන නිළධාරී කොට්ඨාසයන්ට අයත් ගොවි කණ්ඩායම්හි නායකයින් මේ සඳහා සහභාගි කරවගන්නා ලද අතර එහිදී ඔවුන්ට රබර් වගාව සම්බන්ධ මූලික කරුණු මෙන්ම "රබර් ඉඩම් සිතියම්ගත කිරීමේ වැඩසටහන " සම්බන්ධයෙන් ද විශේෂ දැනුවත් කිරීමක් සිදුකරන ලදී.
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයේ අධ්යක්ෂ ඩී.එස්.විතානගේ මහත්මියගේ උපදෙස් මත මාතර-හම්බන්තොට ජ්‍යේෂ්ඨ රබර් සංවර්ධන නිළධාරී නිශාමණි පළිහවඩන මහත්මියගේ සම්පත් දායකත්වයෙන් පැවති මෙම පුහුණු වැඩසටහන සඳහා මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි රබර් සංවර්ධන නිළධාරී මහත්ම මහත්මීන් සහභාගි විය.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන ගොවි කණ්ඩායම් පිහිටුවීමේ වැඩසටහන් හි තවත් අදියරක් ලෙස ගොවි නායකයින් පුහුණු කිරීමේ වැඩසටහනක් 2025.12.17 දින ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයේ දී පැවැත්විණි.
ගාල්ල දිස්ත්‍රික්කයට අයත් බද්දේගම , ඇල්පිටිය , පිටිගල , තවලම යන රබර් සංවර්ධන නිළධාරී කොට්ඨාසවලට අයත් ගොවි කණ්ඩායම් 8 ක නායකයින් මේ සඳහා සහභාගි කරවගන්නා ලද අතර එහිදී ඔවුන්ට රබර් වගාව සම්බන්ධ මූලික කරුණු මෙන්ම "රබර් ඉඩම් සිතියම්ගත කිරීමේ වැඩසටහන" සම්බන්ධයෙන් ද විශේෂ දැනුවත් කිරීමක් සිදුකරන ලදී.
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයේ අධ්යක්ෂ ඩී.එස්.විතානගේ මහත්මියගේ උපදෙස් මත ගාල්ල ජ්‍යේෂ්ඨ රබර් සංවර්ධන නිළධාරී සුනන්ද රාජපක්ෂ මහතාගේ සම්පත් දායකත්වයෙන් පැවති මෙම පුහුණු වැඩසටහන සඳහා ගාල්ල දිස්ත්‍රික් රබර් සංවර්ධන නිළධාරීන් වන කේ.ඩබ්.එස්.ඩී ජිනරතන හා පී.ජී.ඒ.අයි.කුලතිලක යන මහත්වරුන් ද සහභාගි වන ලදී.

2025.11.28 දින දිනමිණ, තිනකරන්, dailynews පුවත්පත් වැඩිදුර විස්තර සඳහා බලන්න





