Clean Sri lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරනු ලබන "රබර් ජංගම සේවා" වැඩසටහනක් 2025.09.22 දින බොපේ සහ පාදුක්ක යන රබර් සංවර්ධන නිලධාරී කොට්ඨාස කේන්ද්‍ර කර ගනිමින් පාදුක්ක ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, රත්නපුර කාර්යාලයේ අධ්යක්ෂ (ප්‍රාදේශීය) නිලන්ති වීරසූරිය මහත්මියගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන පැවැත්වූ අතර එම කොට්ඨාසවල කටයුතු කරන අනෙකුත් කෘෂිකර්මය සම්බන්ධ රාජ්‍ය ආයතනවල නිලධාරීන් ද මේ සදහා සහාය විය.
මෙම වැඩසටහන යටතේ ප්‍රධාන වශයෙන්,
1. රබර් වගා ලියාපදිංචි ගොවීන්ගේ බලපත්‍ර සම්බන්ධ හා රබර් වගාව සම්බන්ධව පවතින ගැටළු නිරාකරණය කිරීම.
2. රබර් සමග අතුරු බෝග වගාව හා වැසි ආවරණ භාවිතය සම්බන්ධව දැනුවත් කිරීම.
3. රබර් වගා රක්ෂණ යෝජනා ක්‍රමය සම්බන්ධව දැනුවත් කිරීම.
4. වන විනාශයෙන් තොර නිෂ්පාදන පිළිබද යුරෝපා සංගම් රෙගුලාසි (EUDR)/රබර් නිෂ්පාදන ගැටළු/ගැටළු නිරාකරණ කර ගැනීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව අවශ්‍ය උපදෙස් ගොවීන්හට ලබා දෙන ලදී.
කෘෂිකර්ම උපදේශක ,
තේ පරීක්ෂක ව්‍යාප්ති නිලධාරී ,
අපනයන කෘෂිකර්ම නිලධාරී ,
පොල් සංවර්ධන නිලධාරී ,
ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සහකාර අධ්යක්ෂ,
රබර් ව්‍යාප්ත නිලධාරී හා
කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් යන රාජ්‍ය නිලධාරීන් ද මේ සදහා සහභාගි විය.
මෙම වැඩසටහනට සුජානි ගමගේ, ලක්මිණි ජයසේකර හා උමේෂ් රණසිංහ යන රබර් සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන් විසින් සහභාගි වූ අතර රබර් සංවර්ධන නිලධාරී කේ.එම්.නිරෝෂා චන්ද්‍රසේකර මහත්මිය විසින් සංවිධානය කරන ලදී.

Clean Sri Lanka වැඩසටහන යටතේ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, ගාල්ල ප්‍රාදේශීය කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන "රබර් ජංගම සේවා වැඩසටහනක්" 2025.08.27 දින සූරියවැව රබර් සංවර්ධන නිලධාරී කොට්ඨාසය කේන්ද්‍ර කර ගනිමින් අගුණුකොලපැලැස්ස, තලාව පුරාණ විහාරස්ථානයේ දී සාර්ථකව පවත්වන ලදී.
එහිදී ගොවි ගැටළු වලට උපදෙස්, දෙපාර්තමේන්තුවේ සහනාධාර ක්‍රම පිළිබඳ උපදෙස්, නව වගා සඳහා ගොවීන් යොමු කිරීම, රබර් වගාව සමඟ අතුරු බෝග වගාව සිදුකිරීම සඳහා නොමිලේ පැල ලබාගැනීම සඳහා රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය, පොහොර යෙදීම පිළිබඳ උපදෙස් හා රබර් වගාව ආශ්රිත රෝග මර්ධනය සම්බන්ධයෙන් දැනුවත් කරන ලදී.
ගාල්ල අධ්යක්ෂ (ප්‍රාදේශීය) දිස්නා විතානගේ මහත්මියගේ අධීක්ෂණය යටතේ, හම්බන්තොට ජ්‍යෙෂ්ඨ රබර් සංවර්ධන නිළධාරී එන්. සී. පලිහවඩන මියගේ ප්‍රධානත්වයෙන් සූරියවැව රබර් සංවර්ධන නිළධාරී ඒ. ඩබ්. සී. සෙව්වන්දි මිය විසින් වැඩසටහන සංවිධානය කරනු ලැබීය. මේ සඳහා කටුවන රබර් සංවර්ධන නිළධාරී එස්.වී.පී.ටී.දිල්ශාන්, තවාන් කළමණාකරු ජ්‍යේෂ්ඨ රබර් සංවර්ධන නිළධාරී වසන්ත ලියනගේ හා අපනයන කෘෂිකර්ම නිළධාරී යන මහත්වරුන් විසින් සම්පත් දායකත්වය ලබාදෙන ලදී.

ඒ අනුව, අරන්දර රබර් සංවර්ධන නිලධාරී කොට්ඨාසය පාදක කරගනිමින් පැවැත්වූ පුහුණු වැඩසටහන ජූලී 15 දින සිට 17 දක්වාත්, කෑගල්ල රබර් සංවර්ධන නිලධාරී කොට්ඨාසයේ වැඩසටහන ජූලී 23 දින සිට 25 දින දක්වාත්, කොටියාකුඹුර රබර් සංවර්ධන නිලධාරී කොට්ඨාසයේ වැඩසටහන ජූලි 29 දින සිට 31 දින දක්වාත් සිදුකරන ලදි.
එමෙන්ම මෙම වැඩසටහන්වලදී පුහුණුලාභීන් සදහා රබර් වගාවේ පරිණත වගා නඩත්තුව, පොහොර යෙදීම, රෝග පාලනය, ප්‍රමිතියෙන් යුතු රබර් ෂිට් නිෂ්පාදනය, වැසි ආවරණ යෙදීම පිළිබඳව ආදර්ශන වැඩසටහන් ද සිදු කෙරෙනු ලැබේ.









