රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 1956 අංක 11 දරන රබර් පාලන පනත යටතේ සියලුම රබර් වෙළෙඳුන් සඳහා බලපත්‍රයක් නිකුත් කරන ලදී. සෑම වසරකම රබර් අලෙවිකරුවන් සඳහා බලපත්‍ර නිකුත් කිරීම සහ අලුත් කිරීම සඳහා වාර්ෂිකව අයදුම්පත් කැඳවනු ලැබේ. බලපත්‍රයක් ලබා නොගෙන රබර් වෙළඳාමේ යෙදීම වරදකි.

දැනටමත් එවැනි බලපත්‍ර ඇති අලෙවි නියෝජිතයින් සඳහා සෑම අලුත් කිරීමක් සඳහාම අයඳුම්පත් තැපෑලෙන් ලැබෙනු ඇත.

නව රබර් අලෙවි නියෝජිත බලපත්‍රයක් ලබා ගැනීමට හෝ අලුත් කිරීමක් ලබා ගැනීමට අවශ්‍ය පරිදි අදාළ ප්‍රාදේශීය කාර්යාලයට හෝ ප්‍රධාන කාර්යාලයට නිවැරදි ආකෘතියෙන් අයදුම් කළ යුතුය. රබර් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යන අයද එම බලපත්‍ර ලබා ගත යුතු අතර, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත බලපත්‍ර සමඟ ආදර්ශ ආකෘති (RC13, RC14) භාවිතා කර මාසික වාර්තා යොමු කළ යුතුය. දැනට දෙපාර්තමේන්තුව විසින් රට පුරා අලෙවි නියෝජිත බලපත්‍ර 570ක් පමණ නිකුත් කර ඇත.

රබර් වෙළඳ බලපත්‍රය සඳහා අයදුම් කිරීමේ දී සැපිරිය යුතු අවශ්‍යතා
  • ප්‍රදේශයේ පාලන අධිකාරිය විසින් නිකුත් කරන ලද වලංගු ව්‍යාපාරික බලපත්‍රයක්.
  • කි.ග්‍රෑම් 50ක් බර කිරිමේ ධාරිතාවක් සහිත කිරුම් යන්ත්‍රය.
  • සමාගම් ලියාපදිංචි සහතිකය.
FaLang translation system by Faboba