රබර් නව වගාව

ශ්‍රී ලංකාවේ රබර් වගාව ව්‍යාප්ත කිරීමේ කටයුතු ක්‍රමානුකූලව ඉහළ නැංවීම සහතික කරමින් රබර් නිෂ්පාදනය වැඩි කිරීම තුළින් රටේ ආර්ථිකයට වඩාත් අර්ථවත් අයුරින් දායක වීම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණකි. රබර් නව වගාව සඳහා සහනාධාරයක් ලෙස රබර් පැල කුඩා වතු අංශයට පමණක් ලබා ගත හැකිය. ජනතාවට නව රැකියා අවස්ථා උත්පාදනය කරමින් නව ආදායම් මාර්ග ඇති කිරීම, වගා නොකළ ඉඩම්වල රබර් වගාකර ගෙන එම ඉඩම්වල ඵලදායිතාව වැඩිදියුණු කිරීම සහ ඵලදායිතාව ඉහළ නැංවීම, නව රබර් වගාව හරහා ශ්‍රී ලංකාවේ වන ආවරණය පුළුල් කිරීම වැනි අරමුණු ඉටුකර ගැනීම දෙපාර්තමේන්තුවේ අපේක්ෂාවයි. නව රබර් වගාව සම්බන්ධ ඉලක්ක ඉටුකර ගැනීමේ මෙම අභ්‍යාසයේ දී සාම්ප්‍රදායික කෑගල්ල, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්ක මෙන්ම සාම්ප්‍රදායික නොවන දිස්ත්‍රික්ක වන මොනරාගල සහ බදුල්ල දිස්ත්‍රික්ක ද වඩාත් ප්‍රමුඛ වේ.

DSC08476

රබර් නැවත වගා හෝ නව වගා කිරීම සඳහා 1953 අංක 36 දරන රබර් නැවත වගා කිරීමේ පනතේ 07 වැනි වගන්තිය ප්‍රකාරව බලපත්‍රයක් ලබා ගත යුතුය. මෙම පනතට අනුව සියලුම රබර් ඉඩම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය.

රබර් නැවත වගා කිරීම

දැනට ක්ෂේත්‍රයේ වගාකර ඇති බොහෝමයක් රබර් වගාවන් නිරීක්ෂණය කර බැලීමේ දී, රෝපනය කර ඇති බෝහෝ රබර් ගස් මේ වන විට වයස්ගත තත්ත්වයට පත්වී ඇත. එසේම එසේ වගා කර ඇති රබර් ගස් ද ඉහළ අස්වැන්නක් ලබා දෙන ක්ලෝන වර්ග‍ නොවන බැවින් රබර් ඉඩම්වලින් ලබා ගත හැකි අස්වැන්න ඉතා අවම වී ඇත. එසේම දිගුකාලීනව රබර් ඉඩම් ද නිසරු හා ආන්තික තත්ත්වයට පත්වී ඇති බැවින් රබර් ඉඩම්වල ද ඵලදායීතාවය අඩු වී ඇත. ඒ අනුව දෙපාර්තමේන්තුවේ ඉලක්කගත වගාවේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා පැරණි රබර් වගාව ඉවත් කිරීමෙන් පසු රබර් නැවත වගා කිරීමේ ක්‍රියාවලිය සිදු කරනු ලැබේ.

IMG 0205
FaLang translation system by Faboba