රබර් වගාව ආශ්රිත ක්ෂේත්‍ර අධ්‍යන චාරිකාව සඳහා පැමිණි ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ අඟුණුකොළපැලැස්ස සිසුන් සඳහා ප්‍රායෝගික පුහුණුව හා එක් දින වැඩමුළුව 2024.12.06 වන දින මිද්දෙණිය රබර් පැල තවානේදී සාර්ථකව පැවැත්විණි .
එහිදී තවාන් පාලනය, පැලයක් සිටුවීම හා අපරිණත වගා නඩත්තුව, රබර් වගාවේ රෝග පලිබෝධ පාලනය, කැපුම් පට්ටය සලකුණු කිරීම සහ කිරි කැපීම, ෂීට් නිෂ්පාදන හා දුම් කාමර පිළිබඳව ප්‍රායෝගික පුහුණුවක් ලබා දීම සිදු විය.
අධ්යක්ෂ ප්‍රාදේශීය (ගාල්ල ) ඩී.එස්.විතානගේ මහත්මියගේ මග පෙන්වීම යටතේ මෙම වැඩසටහන පැවැත් වූ අතර, තවාන් කළමනාකරු ජ්‍යෙෂ්ඨ රබර් සංවර්ධන නිළධාරි ඩබ්.ජේ.ලියනගේ මහතා සමඟ කටුවන කොට්ඨාස භාර රබර් සංවර්ධන නිළධාරි එස්.වී.පී.තිළිණ දිල්ශාන් මහතා මේ සදහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

2025.01.23 වන දින කිරි කැපිම සඳහා ගස් සලකුණු කිරීමේ ආදර්ශන වැඩසටහනක්, ගැටහැත්ත රබර් සංවර්ධන නිලධාරී කොට්ඨාසයේ වලවිට ප්‍රදේශයේදී සිදුකරන ලදී.










