Here, awareness was provided on fertilizer application recommendations and methods of fertilizer application, the importance of using chemical fertilizers for mature cultivation, diseases and disease control methods affecting mature cultivation, as well as mature cultivation maintenance, weed control, etc.

ගලිගමුව රබර් සංවර්ධන නිලධාරී කොට්ඨාසයේ රබර් වගාකරුවන් ඉලක්ක කරගනිමින් කිරි කැපුම් ශිල්පීන් සදහා වන පුහුණු වැඩසටහනක් 2025.06.24සිට 2025.06.26 දක්වා හකහින්න ස.ණ.ස සමිති ශාලාවේදී පුහුණුලාභීන් පහළොස් දෙනෙක් සදහා පැවැත්විණි.
මෙහිදී රබර් කිරි කැපීමේ නිවැරදි තාක්ෂණය පිළිබද ප්‍රායෝගික පුහුණුවට අමතරව
රබර් වගාවේ රෝග පාලනය, පරිනත හා අපරිනත රබර් වගා සඳහා පොහොර යෙදීම, වැසි ආවරණ යෙදීම,අතුරු භෝග වගාව හා
ගුණාත්මක රබර් ෂීට් නිෂ්පාදනය පිළිබද ද පුහුණුලාභීන් දැනුවත් කරන ලදී.
මේ සදහා සම්පත් දායකත්වය සපයන ලද්දේ ජ්‍යෙෂ්ඨ රබර් සංවර්ධන නිලධාරී උදයකුමාර මහතා,රබර් සංවර්ධන නිලධාරීන් වන අමාලි අචින්තා පියදාස මිය, චතුශිකා වැල්මිල්ල මිය හා උදාරී පියතිලක මිය යන අය විසිනි.

බිබිල II රබර් සංවර්ධන නිලධාරි කොට්ඨාසයට අදාලව සාමාන්‍ය කිරි කැපුම් ශිල්පීන් පුහුණු කිරීමේ වැඩසටහනක් 2025.06.25,26 හා 27 යන දිනයන්හිදී නිල්ගල, තලපත් යාය, ආර්.බී.චූලරත්න මහතාගේ රබර් වගා ක්ෂේත්රයේදී පවත්වන ලදී.
මෙම වැඩසටහන බිබිල II කොට්ඨාසයේ රබර් සංවර්ධන නිලධාරි ඩබ්ලිව්.එම්.ඩී.එම්. සමරසිංහ මහත්මියගේ මූලිකත්වයෙන් පවත්වන ලදී.

පොහොසත් රටක් -ලස්සන ජීවිතයක්..
Clean Sri Lanka වැඩසටහන යටතේ
ජංගම රබර් සේවාව
2025.07.02 වන දින
බදුරලිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී ගොවීන් 110 ක ගේ සහභාගීත්වයෙන් සාර්ථකව පවත්වන ලදි.
බදුරලිය , මොරපිටිය , හැඩිගල්ල රබර් සංවර්ධන නිලධාරි කොට්ටාසවල ගොවි මහත්ම මහත්මීන් මේ සදහා සහභාගි විය.
රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරින්ගේ සහභාගීත්වයෙන්
රබර් වගාව සම්බන්ධව පවතින ඕනෑම ගැටළුවක් නිරාකරණය කර ගැනීමට සහ රබර් වගාවට අවශ්‍ය සියළුම උපදෙස් ලබාගැනීමට එහිදී එම ගොවි මහත්ම මහත්මීන්ට අවස්ථාව ලැබුණි.
මෙම වැඩසටහන එදින
උදෑසන 9.00 සිට සවස 4.00 දක්වා පැවැත්වූ අතර රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කළුතර අධ්යක්ෂ ප්‍රාදේශීය, බුද්ධිකා රුවනි සමරතුංග මහත්මිය , ගණකාධිකාරිතුමිය හා ජ්‍යේෂ්ඨ රබර් සංවර්ධන නිලධාරි සේනාධීර මහත්මා ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.
බදුරලිය ,මොරපිටිය රබර් සංවර්ධන නිලධාරි එල්.එල්.ඕ. නෙළුම් මහත්මිය හා හැඩිගල්ල රබර් සංවර්ධන නිලධාරි ඩබ්.කේ.ඩී මදුවන්ති මහත්මිය එම වැඩසටහන සංවිධානය කරන ලදි.

කළුතර දිස්ත්‍රික්කයේ ඈගල්ඔය රබර් සංවර්ධන නිලධාරී කොට්ඨාසය කේන්ද්‍ර කරගනිමින් පරිනත රබර් වගාවට පොහොර යෙදීම සහ වැසි ආවරණ යෙදීමට අදාළ වැඩසටහනක් 2025.06.23 දින ඈගල්ඔය තවානේ දී පරිනත රබර් ඉඩම් හිමි ගොවීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි. ප්‍රාදේශීය අධ්‍යක්ෂක තුමියගේ අධීක්ෂණය යටතේ සිදුකළ මෙම වැඩසටහනට සම්පත් දායකත්වය රබර් සංවර්ධන නිලධාරී ජයමාල් මහතා විසින් සපයන ලද අතර සංවිධානය කිරීම ඈගල්ඔය රබර් සංවර්ධන නිලධාරී සඳරුවනි මහත්මිය විසින් සිදු කරන ලදි.





