Hevea brasiliensis යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන පරා රබර්, පරිසර හිතකාමී වැවිලි බෝගයක් ලෙස අප්‍රිකා සහ ආසියා මහද්වීපවල ව්‍යාපාරික වශයෙන් වගා කරනු ලබයි. 1876 දී සර් හෙන්රි වික්හම් මහතා විසින් රබර් ගස ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් අතර ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේදී මුල්ම රබර් ගස සිටුවන ලදී. 1890න් පසු කළුතරින් ආරම්භ වූ මෙම වගාව පසුව බටහිර, මධ්‍යම හා දකුණු ප්‍රදේශ වලට ද ව්‍යාප්ත වී ගියේය.
වැඩි වශයෙන් කෑගල්ල, කළුතර, රත්නපුර, ගම්පහ සහ කොළඹ වැනි දිස්ත්‍රික්ක වල රබර් වගා කර තිබේ. එමෙන්ම මාතර, ගාල්ල, නුවර, මාතලේ, කුරුණෑගල බදුල්ල හා නුවරඑළිය වැනි දිස්ත්‍රික්ක වල ද රබර් ව්‍යාප්තව ඇත. රබර් සාම්ප්‍රදායික නොවන ප්‍රදේශ වල ද වගා කිරීමට දෙපාර්තමේන්තුව හා රබර් පර්යේෂණ ආයතනය එක්ව ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ මොණරාගල වැඩි වශයෙන් ද අම්පාර, හම්බන්තොට, වව්නියාව, අනුරාධපුර යන දිස්ත්‍රික්කවල සුළු වශයෙන් ද රබර් ව්‍යාප්ත ව ඇත.
1934 අංක 06 දරණ ආඥාපනත යටතේ පිහිටුවන ලද රබර් පාලන දෙපාර්තමේන්තුව 1994 වර්ෂයේ සිට රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව (RDD) බවට පත් කරන ලදී. රබර් වැවිලි ආඥාපනත සහ පනත් මගින් පවරා ඇති බලතල යටතේ, ගරු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා විසින් සම්පාදනය කරන ලද රෙගුලාසි ක්‍රියාත්මක කරමින් වැවිලි අංශයේ ප්‍රගමනය සඳහා RDD සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි.
ශ්‍රී ලංකාව තුළ රබර් මගින් අගය එකතු කළ නිෂ්පාදනයන් විශාල ප්‍රමාණයක් නිපදවන අතර මෙරට නිෂ්පාදනවලට අන්තර්ජාතිකව ඉතා ඉහළ ඉල්ලුමක් පවතින්නේ උසස් තත්ත්වය හා කල්පැවැත්ම නිසාවෙනි. ශ්‍රී ලංකාව තුළ රබර් හා සම්බන්ධ කර්මාන්ත වැඩිවෙමින් පවතින අතර එමගින් ප්‍රාථමික තත්ත්වයෙන් නිර්යාත කරනු ලබන අමු රබර් වෙනුවට විශේෂිත මිලක් සහිත රබර් භාණ්ඩ නිර්යාතය තුළින් විශාල විදේශ විනිමයක් උපයා ගත හැකිය.