රබර් වගාකරුවන් සඳහා ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම මගින් රබර් වගාව තුළින් ආදායම ඉහළ නංවා ගැනීම අරමුණු කෙරේ. නවෝත්පාදන ශිල්පීය ක්‍රම සහ වෙළඳපළ ප්‍රවණතා පිළිබඳ දැනුම ලබා දීමෙන්, රබර් වගාවේ අස්වැන්න වැඩි කිරීමට, ලාභදායීත්වයට මග පාදා ගැනීමට හා වගාකරුවන්ට තම මෙහෙයුම් ප්‍රශස්ත මට්ටමෙන් සිදු කිරීමට ඉඩ සැලසේ.

සැලසුම්ගත ප්‍රාදේශිය මට්ටමේ වැඩසටහන්
  • රබර් නව/ නැවත වගාකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන්
  • අපරිණත රබර් වගාවන් පිළිබඳ අවසරලත් ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන්
  • පරිණත රබර් වගාවන් පිළිබඳ අවසරලත් ගොවීන් වෙනුවෙන් දැනුවත් කිරීමේ හා පුහුණු වැඩසටහන්
සැලසුම්ගත දිස්ත්‍රික් මට්ටමේ වැඩසටහන්
  • මධ්‍යම හා මහා පරිමාණ රබර් වැවිලිකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන්
  • රබර් අලෙවිය සඳහා බලපත්‍රලාභීන් සහ අවසරලත් පෞද්ගලික තවාන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන්
FaLang translation system by Faboba