වාණිජ අරමුණු සඳහා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පුද්ගලික රබර් පැල තවාන් හිමියන් සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව බලපත්‍ර නිකුත් කරයි. මෙම අයදුම්පත සෑම වසරකම ජනවාරි/පෙබරවාරි සහ අගෝස්තු/සැප්තැම්බර් සඳහා ඉදිරිපත් කළ යුතුය. මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් වාර්ෂිකව දැන්වීමක් මගින් ප්‍රකාශයට පත් කෙරේ.

PB 86, RRIC 100 සහ RRIC 102 ක්ලෝනවලින් ගුණාත්මක අංකුර සහිත පොලි බෑග් පැල නිෂ්පාදනය කළ හැකි අතර ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ නිර්දේශය මත රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් රබර් පැල අලෙවි කිරීමට අවසර දෙනු ලැබේ. තවාන් පිහිටුවීමට යෝජිත ඉඩමේ යෝග්‍යතාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව බලපත්‍ර නිකුත් කරනු ලැබේ. යෝජිත තවානෙහි බද්ධ අතු අවශ්‍යතාවය සඳහා අයදුම්කරුට වත්මන් වර්ෂය වන විට වසර 10ට අඩු බද්ධ අතු තවානක් හිමි විය යුතුය.

රබර් පැළ නැවත සිටුවීමට/නව වගාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන සියලුම රාජ්‍ය වැවිලි සමාගම් දෙපාර්තමේන්තුව සතු තවානකින් හෝ දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද වාණිජ තවානකින් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අවසරය මත රබර් පැල ලබා ගත යුතුය.

අදාළ වසරේ ජනවාරි/පෙබරවාරි සඳහා බලපත්‍ර ලබා ගන්නා තවාන් එම වසරේ ජනවාරි 31 වන දිනට පෙර තවාන් මෙහෙයුම් ආරම්භ කළ යුතු අතර, අගෝස්තු/සැප්තැම්බර් සඳහා බලපත්‍ර ලබා ගන්නා තවාන් අදාළ වසරේ අගෝස්තු 31 වන දින වන විට තවාන් මෙහෙයුම් ආරම්භ කළ යුතුය. තවාන් පිහිටි දිස්ත්‍රික්කයට අදාළ ප්‍රාදේශීය කාර්යාලයට අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.

FaLang translation system by Faboba