නැවත/නව වගාව සඳහා පැල බෙදා හැරීමේදී නිර්දේශිත ක්ලෝනවල උසස් තත්ත්වයේ රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ. එබැවින් තවාන් 8ක් පිහිටුවා නඩත්තු කරමින් එම රෝපණ ද්‍රව්‍ය සැපයීමේ වගකීම රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව භාර ගනී. මෙම තවාන්වල නිපදවන පැල මෝසම ආරම්භයත් සමග වසරකට දෙවතාවක් බෙදා දෙනු ලැබේ. මැයි/ජූනි සහ ඔක්තෝබර්/නොවැ. කෑගල්ල, කළුතර, රත්නපුර, ගම්පහ, කොළඹ, මහනුවර, කුරුණෑගල, මාතලේ, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල සහ සැප්තැම්බර්/දෙසැම්බර් මොණරාගල, බදුල්ල, අම්පාර, හම්බන්තොට දිස්ත්‍රික්කවලට බෙදාහරිනු ලැබේ. රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පහත තවාන් පවත්වනු ලැබේ.
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පහත තවාන් පවත්වනු ලැබේ
1953 වර්ෂයේදී රබර් පාලන දෙපාර්තමේන්තුව මගින් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අක්කර 128ක් දක්වා මෙම තවාන ව්‍යාප්ත කර ඇත. මෙම තවාන කළමනාකරණය කරනු ලබන්නේ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කළුතර ප්‍රාදේශීය කාර්යාලය මගිනි. ඈගල්ඔය තවාන එවකට ආසියාවේ විශාලතම බද්ධ අතු රබර් තවාන ලෙස ප්‍රසිද්ධියට පත් විය. දැනට ඉතිරිව ඇත්තේ අක්කර 43ක් පමණි.
ලෝක බැංකු ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ රබර් පාලන දෙපාර්තමේන්තුව මගින් 1989 වසරේ කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙම තවාන ආරම්භ කරන ලදී. එය කළමනාකරණය කරනු ලබන්නේ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කළුතර ප්‍රාදේශීය කාර්යාලය මගිනි. එය හොරණ කර්මාන්ත කලාපයට පවරා ඇති බැවින් එය කෙටි කාලයකට වසා දමා තිබූ අතර 2003 වර්ෂයේදී නැවත පැල නිෂ්පාදනය ආරම්භ කරන ලදී. මෙම තවාන සඳහා අක්කර 50 ක පමණ ඉඩමක් ඇති අතර, එය දෙවන විශාලතම තවාන වේ. මෙම තවාන පිහිටා ඇති ස්ථානය සහ අධිවේගී මාර්ග ආසන්නයේ පිහිටීම අනුව දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට පැල ප්‍රවාහනය කිරීමේ ඉහළ විභවයක් ඇති තවානක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය.
කුඩා රබර් වතු ප්‍රතිසංස්කරණය කිරීමේ ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රබර් පාලන දෙපාර්තමේන්තුව මගින් 1986 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම තවාන ගුණාත්මක නොමේරූ බද්ධ අතු නිෂ්පාදනයේ පුරෝගාමියා ලෙස හඳුන්වා දිය හැකිය. රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෑගල්ල ප්‍රාදේශීය කාර්යාලය යටතේ මෙය පාලනය වේ. මෙම තවානෙහි භූමි ප්‍රමාණය අක්කර 42ක් වන අතර, එය අංග සම්පූර්ණ තවානක් ලෙස පවත්වාගෙන යාමට සමත්ව ඇත.
ලෝක බැංකු ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රබර් පාලන දෙපාර්තමේන්තුව මගින් 1990 වර්ෂයේ දී මෙම තවාන ආරම්භ කරන ලදී. දැන් එය කළමනාකරණය කරනු ලබන්නේ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෑගල්ල ප්‍රාදේශීය කාර්යාලය මගිනි. තදාසන්න ප්‍රදේශයක ප්‍රධාන මාර්ගයකට ආසන්නව පිහිටා ඇති එකම තවාන ලෙස ද එය හඳුන්වා දිය හැකිය. මෙම තවානෙහි භූමි ප්‍රමාණය අක්කර 26 කි.
මොණරාගල දිස්ත්‍රික්කයේ මොණරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2004 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම තවානට විශාලතම ඉඩම් ප්‍රමාණය හිමි වන අතර, එහි විශාලත්වය අක්කර 50කි. මෙය කළමනාකරණය කරනු ලබන්නේ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ මොණරාගල ප්‍රාදේශීය කාර්යාලය යටතේය. පාරම්පරික රබර් වගාව නොමැති ප්‍රදේශවල රබර් වගාව ව්‍යාප්ත කිරීමේ අරමුණින් මෙම තවාන ස්ථාපිත කර ඇත.
මෙම තවාන හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිද්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 2006 වර්ෂයේදී ආරම්භ කරන ලදී. දැන් එය රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගාල්ල ප්‍රාදේශීය කාර්යාලය යටතේ පාලනය වේ. සාම්ප්‍රදායික රබර් වගාව නොමැති හම්බන්තොට අවට ප්‍රදේශවල රබර් වගාව ව්‍යාප්ත කිරීමේ අරමුණින් අක්කර 25 කින් සමන්විත මෙම තවාන ආරම්භ කරන ලදී.
මෙම තවාන රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 1985 වර්ෂයේදී ආරම්භ කරන ලදී. දැන් එය අක්කර 32ක් දක්වා ව්‍යාප්ත කර ඇත. මෙය රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ රත්නපුර ප්‍රාදේශීය කාර්යාලය යටතේ පාලනය වේ. කුඩා රබර් ඉඩම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ ඉදිකළ පළමු තවාන මෙයයි. තවානකට සුදුසු සියලුම අවශ්‍යතා සහිත ඉඩමක් සොයා ගැනීමේ අපහසුව නිසා මෙම ඉඩම තෝරා ගැනීමට සිදු විය. ස්ථීර ජල මූලාශ්‍රයක් නොමැති නිසා සකස් කර ඇති කුඩා ජලාශයෙන් ජලය ලබා දෙන අතර, පසෙහි තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා කොම්පෝස්ට් සහ එවැනි ආදේශක පසට මිශ්‍ර කිරීමට කටයුතු යොදා ඇත.
මෙම තවාන රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් 2017 වර්ෂයේ දී අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථාපිත කරන ලදී. සාම්ප්‍රදායික රබර් වගාව නොමැති ප්‍රදේශවල රබර් වගාව ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම තවාන ආරම්භ කර ඇත. මොණරාගල ප්‍රාදේශීය කාර්යාලය යටතේ මෙය පාලනය වේ. එහි විශාලත්වය අක්කර 50 කි.