රජයේ රබර් පැළ තවාන්

රබර් පැල නිෂ්පාදනයේ ප්‍රධාන අරමුණ වන්නේ වගාකරුවන්ට උසස් තත්ත්වයේ රබර් අංකුර ලබාදීමයි. රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවා ඇති පැල තවාන් 08 මගින් උසස් ත්ත්වයේ රබර් පැල නිෂ්පාදනය කර බෙදා හැරීමේ කටයුතු සිදු කරයි.

දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබන වාර්ෂික නැවත වගා කිරීමේ සහ නව වගා කිරීමේ වැඩසටහන යටතේ ඉලක්කගත භූමි ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් වාර්ෂික පැල නිෂ්පාදන ඉලක්කය සකස් කර ඇත. එසේම රබර් වගාවේ ඵලදායිතාව ඉහළ නැංවීම සහ වගාවේ ගුණාත්මක බව, උසස් තත්වය හා තිරසාරභාවය රැක ගැනීමට අදාල ඉලක්ක නිසි පරිදි සක්ෂාත් කර ගැනීම රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අපේක්ෂාව වේ.

එසේම වතු සමාගම්වලට සහ කුඩා වතු හිමියන්ට වැඩිදියුණු කළ ගුණාත්මක උසස් තත්ත්වයේ අංකුර බෙදා හැරීම සඳහා දෙපාර්තමේන්තුව මගින් රජයේ පැල තවාන්වලට අමතරව පුද්ගලික පැළ තවාන් පිහිටුවීමට පහසුකම් සැලසීම සිදු කෙරේ. මෙසේ දිරිගැන්වීම මගින් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන්නේ, රබර් අංකුර නිෂ්පාදනය කිරීම සඳහා පුද්ගලික අංශය ප්‍රවර්ධනය කිරීම සහ යොමු කිරීම මගින් පැල නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කිරීමයි.
තවාන නැරඹීමට මෙතන ක්ලික් කරන්න

DSC08476
පෞද්ගලික රබර් පැල තවාන්

දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයේ පැල තවාන්වලට අමතරව පෞද්ගලික අංශයේ රබර් පැල තවාන් ද රබර් පැල නිෂ්පාදනය කරනු ලැබේ. පෞද්ගලික පැල තවාන් දෙපාර්තමේන්තුවේ සහ රබර් පර්යේෂණ ආයතනයේ අධීක්‍ෂණයට යටත් වන අතර, රබර් වගාවට අවශ්‍ය ගුණාත්මක පැළ නිෂ්පාදනය ඒ හරහා සිදුවේ.

IMG 0205IMG 0206
FaLang translation system by Faboba