





Hevea brasiliensis යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන පරා රබර්, පරිසර හිතකාමී වැවිලි බෝගයක් ලෙස අප්‍රිකා සහ ආසියා මහද්වීපවල ව්‍යාපාරික වශයෙන් වගා කරනු ලබයි. 1876 දී සර් හෙන්රි වික්හම් මහතා විසින් රබර් ගස ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් අතර ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේදී මුල්ම රබර් ගස සිටුවන ලදී. 1890න් පසු කළුතරින් ආරම්භ වූ මෙම වගාව පසුව බටහිර, මධ්‍යම හා දකුණු ප්‍රදේශ වලට ද ව්‍යාප්ත වී ගියේය.
වැඩි වශයෙන් කෑගල්ල, කළුතර, රත්නපුර, ගම්පහ සහ කොළඹ වැනි දිස්ත්‍රික්ක වල රබර් වගා කර තිබේ. එමෙන්ම මාතර, ගාල්ල, නුවර, මාතලේ, කුරුණෑගල බදුල්ල හා නුවරඑළිය වැනි දිස්ත්‍රික්ක වල ද රබර් ව්‍යාප්තව ඇත. රබර් සාම්ප්‍රදායික නොවන ප්‍රදේශ වල ද වගා කිරීමට දෙපාර්තමේන්තුව හා රබර් පර්යේෂණ ආයතනය එක්ව ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ මොණරාගල වැඩි වශයෙන් ද අම්පාර, හම්බන්තොට, වව්නියාව, අනුරාධපුර යන දිස්ත්‍රික්කවල සුළු වශයෙන් ද රබර් ව්‍යාප්ත ව ඇත.
තවත් කියවන්න




10 වන මහල C, සෙත්සිරිපාය II අදියර,
බත්තරමුල්ල.
සඳුදා - සිකුරාදා: උදේ 8.30 සිට සවස 4.15 දක්වා
| දුරකථන | : | +94 11 2 889 479 |
| ෆැක්ස් | : | +94 11 2 889 453 |
| විද්‍යුත් තැපෑල | : | rubbdev@gmail.com |



තොරතුරු දැනගැනීමේ අයිතිය
රබර් තොරතුරු කළමනාකරණ පද්ධතිය